පොලොස් ගෙඩි හයක් කැඩූ සැකකරුට අධිකරණයෙන් ලැබුණු දඬුවම

නිට්ටඹුව නගරයේ  ප්‍රසිද්ධ  ව්‍යාපාරිකයෙකුට අයිති වත්තක කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් හොරෙන් කැඩූ බව කියන සැකකරුවෙකු  මාර්තු මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම් පතිරණ මහතා අද (28දා) නියෝග කළේය.

නිට්ටඹුව ඕචර්ඩ්වත්ත පදිංචි අකිල ප්‍රසාද් කුමාර නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.

නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ   ව්‍යාපාරිකයෙකුට අයිති වත්තකට ඊයේ (27දා) පස්වරුවේ හොරෙන් ඇතුල් වී එහි ඇති කොස් ගසකින්  පොලොස් ගෙඩි හයක් කඩා ගෙන පැනයාමට උත්සාහ ගත් අවස්ථාවේ වත්තේ හිමිකාර  ව්‍යාපාරිකයාගේ උපදෙස් පරිදි එහි  සිටි පිරිසක් විසින් සැකකරු අල්ලා  නිට්ටඹුව පොලීසියට රැගෙන විත් භාර දුන් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලීසියේ  නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් එච් ආර් ඇස් කුමාර මහතා කරුණු දක්වමින් නිට්ටඹුව  නගරයේ  ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තකට සැකකරු හොරෙන් ඇතුල් වී එහි කොස් ගසකින් පොලොස් ගෙඩි  හයක් කඩා රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ ව්‍යාපාරිකයෙකයාගේ උපදෙස් පරිදි එහි සිටි පිරිසක් විසින්  මොහු  අල්ලා පොලීසියට ගෙන විත් භාර දුන් බව කියා සිටියේය.

.පොලීසියේ කරුණු දැක්වීම් වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් කෙරිණි.නැවත කැදවීම මාර්තු මස 14 වනදාට කල් තැබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !