පොලුවලින් පහර දී කාන්තාවක් අවසන් ගමන් යැවූ ඥාති පුතුන් සොයා පොලිස් පරීක්ෂණ

නිවිතිගල, සිදුරුපිටිය ප්‍රදේශයේ අක්කර දහයක පුද්ගලික වත්තක් තුළ වතු නිවසක සිටි 68 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ලාඩප්පා වර්ගයේ ගසක පොලුවලින් පහරදි මෙම කාන්තාව ඝාතනය කර ඇති බවත් ඝාතනය සිදු කළ බවට සැකකරන කාන්තාවගේ ඥාති පුතුන් දෙදෙනෙක් මේ වන විට එම ප්‍රදේශයෙන් පළා ගොස ඇති බවත් පොලිසිය සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව බදුරලිය, පැලවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර මීට මාස අටකට පමණ පෙර මෙම වතුයායේ සේවයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙදෙනා මෙම පුද්ගලික වතුයායේ සේවයට පැමිණ ඝාතනය කෙරුණු කාන්තාව සහ ඇයගේ සැමියා සිටි වතු ලැයිම් කාමරය ට යාබද ලැයිම් කාමරයේ රැඳි සිට තිබෙනවා.

ඊයේ (14) රාත්‍රියේ සැකකාර තරුණයින් දෙදෙනා මත්පැන් පානය කර පැමිණ අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා සමඟින් ආරවුලක් ඇතිකර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

පසුව සැකකරුවන් දෙදෙනා එම අඹුසැමි යුවළට ලාඩප්පා පොලුවලින් පහර දී තිබෙනවා.

එම පහර දෙන අවස්ථාවේදී ඝාතනය වු කාන්තාවගේ සැමියා පළාගොස් ඇති අතර පසුව ඔහු අද (15) උදැසන නිවිතිගල පොලිසියට පැමිණ සිද්ධිය පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලීසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?