පොලුවලින් පහර දී කාන්තාවක් අවසන් ගමන් යැවූ ඥාති පුතුන් සොයා පොලිස් පරීක්ෂණ

නිවිතිගල, සිදුරුපිටිය ප්‍රදේශයේ අක්කර දහයක පුද්ගලික වත්තක් තුළ වතු නිවසක සිටි 68 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ලාඩප්පා වර්ගයේ ගසක පොලුවලින් පහරදි මෙම කාන්තාව ඝාතනය කර ඇති බවත් ඝාතනය සිදු කළ බවට සැකකරන කාන්තාවගේ ඥාති පුතුන් දෙදෙනෙක් මේ වන විට එම ප්‍රදේශයෙන් පළා ගොස ඇති බවත් පොලිසිය සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව බදුරලිය, පැලවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර මීට මාස අටකට පමණ පෙර මෙම වතුයායේ සේවයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙදෙනා මෙම පුද්ගලික වතුයායේ සේවයට පැමිණ ඝාතනය කෙරුණු කාන්තාව සහ ඇයගේ සැමියා සිටි වතු ලැයිම් කාමරය ට යාබද ලැයිම් කාමරයේ රැඳි සිට තිබෙනවා.

ඊයේ (14) රාත්‍රියේ සැකකාර තරුණයින් දෙදෙනා මත්පැන් පානය කර පැමිණ අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා සමඟින් ආරවුලක් ඇතිකර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

පසුව සැකකරුවන් දෙදෙනා එම අඹුසැමි යුවළට ලාඩප්පා පොලුවලින් පහර දී තිබෙනවා.

එම පහර දෙන අවස්ථාවේදී ඝාතනය වු කාන්තාවගේ සැමියා පළාගොස් ඇති අතර පසුව ඔහු අද (15) උදැසන නිවිතිගල පොලිසියට පැමිණ සිද්ධිය පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලීසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19