AFC Banner
Empty Ad
Empty Ad

පොලිසිය හා මැතිවරණ කොමිසම අතර අද සාකච්ඡාවක්

පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වෙනවා.

ඒ, නාම යෝජනා දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ආරක්ෂක සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යි.

ඊට කොළඹ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා පොලීසිය අතර සාකච්ඡාවක් ද ඊයේ (08) පැවැත්වුණා.

එහිදී මැතිවරණ නීති උල්ලංඝනය වැළැක්වීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?