පොලිසිය වෙඩි තැබූ ත්‍රී රෝද රථයේ රියදුරා දුම්රියට පැන දිවි නසා ගනී

පෝද්දල ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කිරීමේදී පොලිසිය වෙඩි තැබූ ත්‍රී රෝද රථය පැදවූ පුද්ගලයා දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ගාල්ල සිර මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකට පියදිගම දේවාලය ආසන්නයේදී පැන මෙම පුද්ගලයා දිවි නසාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්. පසුගියදා පොලිසිය පෝද්දල ප්‍රදේශයේ මාර්ග බාධකයක් අසලදී මෙම පුද්ගලයා ද ගමන් කළ ත්‍රී රෝද රථයක් නතර කර පරීක්ෂා කර තිබුණා.

එම අවස්ථාවේ ත්‍රී රෝද රථයේ සිටි එක් පුද්ගලයෙකු පොලිසියෙන් මිදී පළාගොස් තිබූ අතර පසුව ත්‍රී රෝද රථයේ සිටි අනෙක් සැකකරු එම රථයෙන්ම පළා යාමටයි උත්සාහ කර තිබුණේ.

පසුව පොලිසිය ඊට වෙඩි තබනු ලැබුවා.

එහිදී ත්‍රී රෝද රථය අනතුරට ලක්වීමත් සමග එහි සිටි පුද්ගලයා රථය අතහැර පළාගොස් තිබෙනවා.

අද දුම්රියට පැන සිය දිවි හානිකරගෙන ඇත්තේ එම පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21