පොලිස් නිලධාරීන් නීතිගරුක වුවහොත් මහජනතාව ද නීතිය පිළිපදිනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න පවසනවා.
ඒ, අනුව වැඩි ආයාසයක් නොගෙනම නීතිගරුක සමාජයක් ගොඩගඟා ගැනීමට හැකි වනු ඇති බවයි ලේකම්වරයා පවසා සිටියේ.
ඌව පළාතේ පොලිස් නිලධාරීන් සමඟ ඊයේ (09) පැවති වැඩසටහනක දී ලේකම්වරයා මෙම අදහස් පළකළා.
මේ වනවිට පොලිසියට අපක්ෂපාතීව රාජකාරි ඉටු කිරීමට වාතාවරණයක් සැකසී ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
එමෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පාට, පක්ෂ, තනතුරු නොබලා සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම අවස්ථාවේ අදහස් දක්වමින් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
1
+1





