AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියේ උසස්වීමක් බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.එස්. කමල් පුෂ්ප කුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අද (26) නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම අදාළ උසස් වීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ සහකාර පොලිස් අධිකාරිවරු 134 දෙනෙකුට නඩු ගාස්තු ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර ඩී.එස්.කමල් පුෂ්ප කුමාරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.

සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ.සෝමරත්න ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරු 134 දෙනෙක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම් මඟින් පෙත්සම්කරුවන් කියා සිටියේ 2020 වසරේ එවක වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිර්දේශයක් මත ජාතික පොලිස් කොමිසම විසින් වගඋත්තරකාර ඩී. එස්. කමල් පුුෂ්පකුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?