පොලිසියේ ඉහල තනතුරු 05ක් තවමත් පුරප්පාඩුයි

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරු කිහිපයක් තවමත් පුරප්පාඩු පවතිනවා. මේ වන විට ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු 05ක් පුරප්පාඩු පවතින බවයි මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කළේ.

ඉදිරි සතියේදී පුරප්පාඩු පවතින ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු 05 සඳහා නිලධාරින් පත් කරන බවද ඔහු සඳහන් කළා. ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු පත් කළ යුතුව තිබුණද මේ දක්වා එම තනතුරුවල රාජකාරී සිදු කරන්නේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකු පමණයි. මේ හේතුවෙන් දැනට සිටින එම ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනාට වැඩි රාජකාරි කොටසක් කිරීමට සිදුව තිබෙනවා.

ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනෙකු විශ්‍රාම යාමත් සමග එම තනතුරු පුරප්පාඩු වුණා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම් සඳහා වන සම්මුඛ පරීක්ෂණද මේ වන විට අවසන්ව තිබෙනවා. එම උසස් කිරීම්ද ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09