AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් වෙඩි පහරින් නාරම්මල පුද්ගලයෙක් මරුට

නාරම්මල ප්‍රදේශයේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ජංගම දුරකතන අලෙවි කරන මුවාවෙන් මුදල් කොල්ලකෑමට පැමිණි කල්ලියක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බව පවසා මුදල් කොල්ලකෑමේ වංචාවකට රුවන්වැල්ලේ පුද්ගලයෙක් මීට පෙර හසු වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි ඔවුන් අදාල දැන්වීම යළි පල කර ඇති අයුරු දැක දුරකතනයක් මිලදී ගත යුතු බව පවසා කොල්ලකරුවන් සම්බන්ධ කර ගෙන තිබෙනවා.

ජංගම දුරකතන අලෙවිකරු ලෙස පෙනී සිටි තැනැත්තා පවසා ඇත්තේ දුරකතනය මිලදී ගැනීමට නාරම්මල ප්‍රදේශයට පැමිණෙන ලෙසයි.

සිද්ධිය පිළිබඳ පොලිසියට දැනුම් දුන් එම පුද්ගලයා අදාල ස්ථානයට ගොස් ඇත්තේ පොලිස් නිලධාරීන් ද සමගින්.

ඔවුන් එහි පැමිණීමත් සමග ජංගම දුරකතන ව්‍යාපාරිකයා ලෙස පෙනී සිටි පුද්ගලයා ඇතුලු කොල්ලකරුවන් තිදෙනෙක් ඔවුන් පැමිණි මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් සහ කොල්ලකරුවන් අතර පොරබැදීමක්ද සිදුව ඇතැයි පොලිසිය පැවසුවා.

පෙරබැදීම අතරතුර පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් කොල්ලකරුවෙකු රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අනෙක් කොල්ලකරුවන් දෙදෙනා පළාගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනා ද තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?