පොලිස් වෙඩි පහරින් නාරම්මල පුද්ගලයෙක් මරුට

නාරම්මල ප්‍රදේශයේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ජංගම දුරකතන අලෙවි කරන මුවාවෙන් මුදල් කොල්ලකෑමට පැමිණි කල්ලියක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බව පවසා මුදල් කොල්ලකෑමේ වංචාවකට රුවන්වැල්ලේ පුද්ගලයෙක් මීට පෙර හසු වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි ඔවුන් අදාල දැන්වීම යළි පල කර ඇති අයුරු දැක දුරකතනයක් මිලදී ගත යුතු බව පවසා කොල්ලකරුවන් සම්බන්ධ කර ගෙන තිබෙනවා.

ජංගම දුරකතන අලෙවිකරු ලෙස පෙනී සිටි තැනැත්තා පවසා ඇත්තේ දුරකතනය මිලදී ගැනීමට නාරම්මල ප්‍රදේශයට පැමිණෙන ලෙසයි.

සිද්ධිය පිළිබඳ පොලිසියට දැනුම් දුන් එම පුද්ගලයා අදාල ස්ථානයට ගොස් ඇත්තේ පොලිස් නිලධාරීන් ද සමගින්.

ඔවුන් එහි පැමිණීමත් සමග ජංගම දුරකතන ව්‍යාපාරිකයා ලෙස පෙනී සිටි පුද්ගලයා ඇතුලු කොල්ලකරුවන් තිදෙනෙක් ඔවුන් පැමිණි මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් සහ කොල්ලකරුවන් අතර පොරබැදීමක්ද සිදුව ඇතැයි පොලිසිය පැවසුවා.

පෙරබැදීම අතරතුර පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් කොල්ලකරුවෙකු රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අනෙක් කොල්ලකරුවන් දෙදෙනා පළාගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනා ද තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16