AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් වෙඩි කෑ දෙමටගොඩ කමල්ගේ අති නවීන ගිනි අවි 02ක් සමඟ දෙකක් මාට්ටු (ඡායාරූප)

2010 වර්ෂයේ දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී මියගිය ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘දෙමටගොඩ කමල්’ නැමැත්තාට අයත් අති නවීන CZ වර්ගයේ පිස්තෝල දෙකක් සහ ඊට යොදන තොරම් ගැබ් 02ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ සහ හංවැල්ල පොලිස් බල ප්‍රදේශයන්වල දී ඊයේ (17) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අවුරුදු 46 සහ 55 යන වයස්වල පසුවන අයවලුන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ සහ හංවැල්ල පොලිස් ස්ථානයන් වෙත භාර දී තිබෙනවා.

WhatsApp Image 2024 06 18 at 7.15.42 AM 1
WhatsApp Image 2024 06 18 at 7.15.42 AM
WhatsApp Image 2024 06 18 at 7.15.41 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?