පොලිස් මෙහෙයුමකදී නිලධාරීන්ට කඩු ප්‍රහාරයක්

පොලිස් නිලධාරී යෙකුගේ හිසට කඩු පහරක් එල්ල කර තවත් නිලධාරියෙකුට පිහියකින් පහර දී පළා යාමට තැත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ ඔහුගේ ගෝලයා දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

එම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 10යි මිලිග්‍රෑම් 380ක ප්‍රමාණයක්, පොලිතින් දවටන, ඉටිපන්දම් සහ විද්‍යුත් තරාදියක් ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කඩු පහර එල්ල වීමෙන් පොලිස් නිලධාරියා පැළඳ සිටි ආරක්ෂක හිස්වැස්මට බරපතල හානි සිදු වී ඇති අතර අනෙක් නිලධාරියාගේ ඇඟිල්ලකට තුවාල සිදු වී තිබෙනවා.

කිරුළපන කන්ද වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරන බවට කිරුළපන පොලීසියට ලද තොරතුරකට අනුව තවත් නිලධාරීන් නිලධාරීන් කීප දෙනෙකු සමග එම නිවස වැටලීමට ගොස් තිබුණා.

එම අවස්ථාවේදී නිවසේ ඉදිරිපස දොර වසා තිබූ අතර පොලිසියෙන් පැමිණි බව පවසා නිවසේ දොර විවෘත කරන ලෙස ප්‍රකාශ කර සුළු මොහොතකදී දොර විවෘත කළ ප්‍රධාන ජාවාරම්කරු අත තිබූ කඩුවෙන් උප පොලිස් පරීක්ෂකවරයා සමග දොරටුව අසල සිටි සිටි කොස්තාපල්වරයෙකු ගේ හිසට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම පහර ආරක්ෂක හිස්වැස්මේ ගැටීමෙන් ඔහුට අනතුරක් සිදුවී නැහැ.

එම අවස්ථාවේදී අනෙකුත් නිලධාරීන් නිවස තුළට කඩා වැදී සැකකරු මෙල්ල කිරීමට උත්සාහයක් ගත් අවස්ථාවේ දී ඔහුගේ ගෝලයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ජාවාරම්කරුට පලා යාමට උපකාර කිරීමට කටයුතු කිරීමත් සමඟම ප්‍රධාන ජාවාරම්කරු සඟවාගෙන සිටි පිහියක් ගෙන පොලිස් නිලධාරින්ට පහරදී තිබෙනවා.

එය වැළැක්වීමට උත්සාහ ගත් කොස්තාපල්වරයකුගේ වම් අතේ ඇඟිල්ලකට තුවාල සිදු වූ බවයි පොලිසිය කියාසිටියේ.

එම අවස්ථාවේදී ජනේලයකින් පැන පලා යාමට තැත් කළ ජාවාරම්කරු මෙන්ම ඔහුගේ ගෝලයා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවේදී ජාවාරම්කරු සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5270ක් සහ ගෝලයා සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5110ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ පොර බැඳීම හේතුවෙන් සැකකරුවන්ට ද සුළු තුවාල සිදුවී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43