පොලිස් මෙහෙයුමකදී නිලධාරීන්ට කඩු ප්‍රහාරයක්

පොලිස් නිලධාරී යෙකුගේ හිසට කඩු පහරක් එල්ල කර තවත් නිලධාරියෙකුට පිහියකින් පහර දී පළා යාමට තැත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ ඔහුගේ ගෝලයා දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

එම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 10යි මිලිග්‍රෑම් 380ක ප්‍රමාණයක්, පොලිතින් දවටන, ඉටිපන්දම් සහ විද්‍යුත් තරාදියක් ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කඩු පහර එල්ල වීමෙන් පොලිස් නිලධාරියා පැළඳ සිටි ආරක්ෂක හිස්වැස්මට බරපතල හානි සිදු වී ඇති අතර අනෙක් නිලධාරියාගේ ඇඟිල්ලකට තුවාල සිදු වී තිබෙනවා.

කිරුළපන කන්ද වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරන බවට කිරුළපන පොලීසියට ලද තොරතුරකට අනුව තවත් නිලධාරීන් නිලධාරීන් කීප දෙනෙකු සමග එම නිවස වැටලීමට ගොස් තිබුණා.

එම අවස්ථාවේදී නිවසේ ඉදිරිපස දොර වසා තිබූ අතර පොලිසියෙන් පැමිණි බව පවසා නිවසේ දොර විවෘත කරන ලෙස ප්‍රකාශ කර සුළු මොහොතකදී දොර විවෘත කළ ප්‍රධාන ජාවාරම්කරු අත තිබූ කඩුවෙන් උප පොලිස් පරීක්ෂකවරයා සමග දොරටුව අසල සිටි සිටි කොස්තාපල්වරයෙකු ගේ හිසට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම පහර ආරක්ෂක හිස්වැස්මේ ගැටීමෙන් ඔහුට අනතුරක් සිදුවී නැහැ.

එම අවස්ථාවේදී අනෙකුත් නිලධාරීන් නිවස තුළට කඩා වැදී සැකකරු මෙල්ල කිරීමට උත්සාහයක් ගත් අවස්ථාවේ දී ඔහුගේ ගෝලයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ජාවාරම්කරුට පලා යාමට උපකාර කිරීමට කටයුතු කිරීමත් සමඟම ප්‍රධාන ජාවාරම්කරු සඟවාගෙන සිටි පිහියක් ගෙන පොලිස් නිලධාරින්ට පහරදී තිබෙනවා.

එය වැළැක්වීමට උත්සාහ ගත් කොස්තාපල්වරයකුගේ වම් අතේ ඇඟිල්ලකට තුවාල සිදු වූ බවයි පොලිසිය කියාසිටියේ.

එම අවස්ථාවේදී ජනේලයකින් පැන පලා යාමට තැත් කළ ජාවාරම්කරු මෙන්ම ඔහුගේ ගෝලයා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවේදී ජාවාරම්කරු සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5270ක් සහ ගෝලයා සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5110ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ පොර බැඳීම හේතුවෙන් සැකකරුවන්ට ද සුළු තුවාල සිදුවී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?