AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් මහජන සහන දිනය 15 වනදා සිට යළිත්

පොලිස් මහජන සහන දිනය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබෙනවා.

පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් පොලිස් මහජන සහන දිනය තාවකාලිකව අත්හිටුවීමටයි කටයුතු කර තිබුණේ.

ඒ, අනුව ලබන 15 වනදා සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මහජනයාට ශ්‍රී ලංකා පොලිසිය තුළින් සිදුවිය යුතු සේවය ප්‍රමාදයකින් තොරව සාධාරණව ඉටුකරදීම මෙහි අපේක්ෂාව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා ද සෑම සිකුරාදා දිනකම මහජන සහන දිනයට පැමිණීමට අපේක්ෂා කරන අතර, සෘජුවම මහජනතාවගේ පැමිණිලි පිළිබඳව පිළිතුරු ලබාදීම ද එහිදී සිදුකෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
11
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?