AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් බඳවා ගැනීම් ප්‍රමාදයි – අයදුම්කරුවන්ගෙන් මැසිවිලි

පොලිස් දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් බඳවා ගැනීමේ ප්‍රමාදයක් පවතින බව ඊට අයදුම්කළ කළ අයදුම්කරුවන් පිරිසක් පවසනවා.

එම අයදුම්කරුවන් පවසන්නේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් 2021/2022 වර්ෂවල බදවාගැනීම් සදහා නිකුත් කළ ගැසට් පත්‍රවලට අදාළව අයදුම්කරුවන් 10,000ක් පමණ ඊට අයදුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ කිපයක් අවසන් කර ඇති බව පෙන්වා දෙන එම අයදුම්කරුවන් සඳහන් කරන්නේ, පසුගිය කාල වකවානුවේ රට තුළ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් එම සම්මුඛ පරීක්ෂණ අතර මඟ නවතා දැමූ බවයි.

ඒ, අනුව එම සම්මුඛ පරීක්ෂණවල ඉදිරි අදියරයන් හැකි ඉක්මනින් යළි ආරම්භ කර, මෙම අයදුම්කරුවන් අතරින් සුසුදුකම් සම්පූර්ණ කරන අයදුම්කරුවන් එම රාජකාරී සඳහා බඳවා ගන්නා ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් බඳවාගැනීමේ අංශයෙන් අප විමසීමක් සිදුකරනු ලැබුවා.

එහිදී අදාළ අංශයේ උසස් නිලධාරියෙකු අප සමඟ කියා සිටියේ රාජ්‍ය සේවයට අලුතින් සේවකයින් බඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව මෙම බඳවා ගැනීම් ද සිදු නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?