පොලිස් බඳවා ගැනීම් ප්‍රමාදයි – අයදුම්කරුවන්ගෙන් මැසිවිලි

පොලිස් දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් බඳවා ගැනීමේ ප්‍රමාදයක් පවතින බව ඊට අයදුම්කළ කළ අයදුම්කරුවන් පිරිසක් පවසනවා.

එම අයදුම්කරුවන් පවසන්නේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් 2021/2022 වර්ෂවල බදවාගැනීම් සදහා නිකුත් කළ ගැසට් පත්‍රවලට අදාළව අයදුම්කරුවන් 10,000ක් පමණ ඊට අයදුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ කිපයක් අවසන් කර ඇති බව පෙන්වා දෙන එම අයදුම්කරුවන් සඳහන් කරන්නේ, පසුගිය කාල වකවානුවේ රට තුළ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් එම සම්මුඛ පරීක්ෂණ අතර මඟ නවතා දැමූ බවයි.

ඒ, අනුව එම සම්මුඛ පරීක්ෂණවල ඉදිරි අදියරයන් හැකි ඉක්මනින් යළි ආරම්භ කර, මෙම අයදුම්කරුවන් අතරින් සුසුදුකම් සම්පූර්ණ කරන අයදුම්කරුවන් එම රාජකාරී සඳහා බඳවා ගන්නා ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් බඳවාගැනීමේ අංශයෙන් අප විමසීමක් සිදුකරනු ලැබුවා.

එහිදී අදාළ අංශයේ උසස් නිලධාරියෙකු අප සමඟ කියා සිටියේ රාජ්‍ය සේවයට අලුතින් සේවකයින් බඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව මෙම බඳවා ගැනීම් ද සිදු නොකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28