අද (24) උදෑසන යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක් ව මඩකලපුව – කාතාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ පච්චයි නිවාස ව්‍යාපෘති ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් සිදු කළා.
මේ සඳහා පොලිස් නිල සුනඛයන් යොදා ගැනුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
පසුගිය 15 වැනිදා එම ගම්මානයේ නිවසක බෝම්බ පිපිරීමක් සහ 22 වැනිදා එම නිවස ඉදිරිපිට තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධීන්වලට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
අද අලුයම ආරම්භ කළ සෝදිසි කිරීම්වල දී පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව ගෙයින් ගෙට ගොස් නිල සුනඛයන් යොදා මෙම සෝදිසි කිරීම් සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.
නිවාස 35ක් පමණ වටකර ඇති අතර, පොලිස් නිලධාරීන් 28ක්, විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 10ක්, හමුදා නිලධාරීන් 22ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ඊට සම්බන්ධ වූ බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානය භාර නිලධාරී එස්. රමේෂ් කියා සිටියා.





