යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ වව්නියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන්ගත් රථවාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක්කර පලා ගිය ලොරි රථ රියදුරෙක් අද(24) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස අදාළ නිලධාරීන් දෙදෙනා හඹායෑමේ දී ලොරි රථයේ රියදුරු එම නිලධාරීන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක්කර පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ.
අනතුරෙන් පසු ලොරි රථයේ, යතුරුපැදිය පැටලී තිබීම හේතුවෙන් ලොරිය මහ මඟ දමා රියදුරු කැළෑ බඳ ප්‍රදේශයකට පැන පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
එලෙස පලාගිය සැකකරු බූඔය පාලම අසල යුද හමුදා කඳවුර ආසනයේ දී යුද හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබෙනවා.
අනතුරට පත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවයි පොලීසිය පැවසුවේ.













