පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගමන් ගත් යතුරුපැදිය හප්පා ලොරි රියදුරු පලා ගිහින් (වීඩියෝ)

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ වව්නියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන්ගත් රථවාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක්කර පලා ගිය ලොරි රථ රියදුරෙක් අද(24) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස අදාළ නිලධාරීන් දෙදෙනා හඹායෑමේ දී ලොරි රථයේ රියදුරු එම නිලධාරීන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක්කර පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් පසු ලොරි රථයේ, යතුරුපැදිය පැටලී තිබීම හේතුවෙන් ලොරිය මහ මඟ දමා රියදුරු කැළෑ බඳ ප්‍රදේශයකට පැන පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස පලාගිය සැකකරු බූඔය පාලම අසල යුද හමුදා කඳවුර ආසනයේ දී යුද හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබෙනවා.

අනතුරට පත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවයි පොලීසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40