පොලිස් නිලධාරීන් ඉදිරිපිටම කල අපරාධය

සැමියා විසින් තම බිරිඳට එල්ල කළ ඇසිඩ් ප‍්‍රහාරයක් හේතුවෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා එම කාන්තාව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව උඩුගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.

පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මෙකී අඹු සැමි යුවළ අතර වූ පවුල් ආරවුලක් විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස මොවුන් දෙදෙනාට පොලිසිය මගින් දැනුම් දී තිබූ අතර මොවුන් දෙදෙනා ස්ථාන දෙකක සිට අලූයම 5.30ට පමණ පොලිසියට පැමිණ තිබෙනවා.

කෙසේ වුවද පොලිස් ස්ථානයට ඇතුල්වන අවස්ථාවේ සැමියා විසින් ඇසිඩ් බෝතලයක් සඟවාගෙන විත් බිරිඳගේ මුහුණට ඇසිඩ් ගැසූ බවයි පොලිසිය පවසන්නේ. ඇසිඩ් ප‍්‍රහාරයෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මෙකී කාන්තාව පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගත කිරීමට පියවරගෙන තිබෙනවා. සැකකාර සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ හා පොලිස් නිලධාරියකුගේ දෑත්වලටද අසිඩ් වැදීමෙන් සුළු පිළිස්සුම් තුවාල සිදුවූ බවයි උඩුගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

ඇසිඩ් ප‍්‍රහාරයට ලක්වූ කාන්තාව 28 හැවිරිදි වියේ පසුවන අතර සැකකරු 32 හැවිරිදි වියේ පසුවන උඩුගම අලුත්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. මොවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු සිටින අතර පවුල් ආරවුලක් නිසා කාන්තාව විසින් සැමියාගේ නිවසින් පිටව ගොස් ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?