පොලිස් නිලධාරීන් ඉදිරිපිටම කල අපරාධය

සැමියා විසින් තම බිරිඳට එල්ල කළ ඇසිඩ් ප‍්‍රහාරයක් හේතුවෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා එම කාන්තාව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව උඩුගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.

පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මෙකී අඹු සැමි යුවළ අතර වූ පවුල් ආරවුලක් විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස මොවුන් දෙදෙනාට පොලිසිය මගින් දැනුම් දී තිබූ අතර මොවුන් දෙදෙනා ස්ථාන දෙකක සිට අලූයම 5.30ට පමණ පොලිසියට පැමිණ තිබෙනවා.

කෙසේ වුවද පොලිස් ස්ථානයට ඇතුල්වන අවස්ථාවේ සැමියා විසින් ඇසිඩ් බෝතලයක් සඟවාගෙන විත් බිරිඳගේ මුහුණට ඇසිඩ් ගැසූ බවයි පොලිසිය පවසන්නේ. ඇසිඩ් ප‍්‍රහාරයෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මෙකී කාන්තාව පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගත කිරීමට පියවරගෙන තිබෙනවා. සැකකාර සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ හා පොලිස් නිලධාරියකුගේ දෑත්වලටද අසිඩ් වැදීමෙන් සුළු පිළිස්සුම් තුවාල සිදුවූ බවයි උඩුගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

ඇසිඩ් ප‍්‍රහාරයට ලක්වූ කාන්තාව 28 හැවිරිදි වියේ පසුවන අතර සැකකරු 32 හැවිරිදි වියේ පසුවන උඩුගම අලුත්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. මොවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු සිටින අතර පවුල් ආරවුලක් නිසා කාන්තාව විසින් සැමියාගේ නිවසින් පිටව ගොස් ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09