පවන් රත්නායක ගැන ජෝ රූට්ගෙන් සහතිකයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගාවලිය 2 -1ක් ලෙස සාර්ථකව ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) රාත්‍රියේ දී කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 03කට ලකුණු 357ක් ලබා ගත්තා.

එහිදී හැරී බෲක් පන්දු 66ලට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 136ක් රැස්කර ගත් අතර තරගාවලිය පුරාවටම එංගලන්ත කණ්ඩායම් වෙනුවෙන් ලකුණු අට්‍ර්හර සිටි ජෝ රුට් ද ලකුණු 111ක් රැස්කර ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 04ක් තුළ සියල්ලල් දැවීගොස් ලබා ගත හැකි වූයේ ලකුණු 302ක් පමණයි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 53ක ජයක් වාර්තා කරමින් තරගාවලිය ජය ගැනීම සමත් වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ බිද වැටුණු දෙවන කඩුල්ලෙන් පසු පිටියට පිවිසි යොවුන් පිතිකරු පවන් රත්නායක ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් සිය මංගල ජාත්‍යන්තර ෂටහකය ද වාර්තා කිරීමට සමත් වුණා.

එහිදී පවන් රත්නායක පන්දු 115කට මුහුණ දෙමින් ලකුණු 121ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ඉනිමේ අවසන් කඩුල්ල දක්වා රැදී සිටිමින් පවන් රත්නායක ලබාගත් මෙම ශතකය පිළිබද දෙස් විදෙස් බොහෝ ප්‍රේක්ෂකයින් විවින් ඇගයීමට ලක්කළා,

මේ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එංගලන්තය වෙනුවෙන් එක්ව සිටි තරගවලියේ වීරයා ලෙස සම්මානය දිනාගත් ජෝ රූට් ද පවන් රත්නායක ක්‍රීඩාකළ මෙම ඉනිම ඇගයීමට ලක්කර තිබෙනවා.

මාධ්‍ය වෙත් අදහස් අදක්වමින් රූට් පවා අත්ටෙහ් පවන් රටහනයක සැබවින්ම වටිනා ක්‍රිකට් අනාගටහයක් ඇති ක්‍රීඩකයෙක් බවයි.

පිතිකරණ අන්තය ඉකමින් වෙනස් කරමින් ඔහු ඊයේ ක්‍රීඩාකළ එම ඉනිම විශිෂ්ඨ ඉනිමක් බවත් ජෝ රූට් සඳහන් කර තිබෙනවා,

”ඔහුට පිතිකරණ අන්තය වෙනස් කරන එක හොඳින් කරගන්න පුළුවන්, ඒත් එක්කම ඔහුට 04,06 ඒවා එල්ල කරන්නත් හොඳ විකල්ප තියෙනවා. මට හිතෙන්නේ ඔහුට ඉදිරියේ ඉතා හොද අනාගතයක් තියෙනවා. ඒ නිසා මම ඔහු ගැන අනිවාර්යයෙන්ම අවධානයෙන් බලන් ඉන්නවා,” යැයි ජෝ රූට් වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08