බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස රිමාන්ඩ් කිරීමට එරෙහි පෙත්සම් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කෙරේ

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය අද (03) නිකුත් කළා.

ඉකුත් 30 වනදා මෙම පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද එදින නියෝගය සූදානම් නැති බැවින් කල් තබනු ලැබුවා.

පෙත්සම පවත්වාගෙන යාමට තරම් කරුණු නොපවතින බැවින් පෙත්සම ප්‍රතික්ෂේප කරන බව විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර බෞද්ධ ආගමික ඉදිකිරීම් සිදුකිරීම සහ නව බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු ලබන 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් පුද්ගලයින් හයදෙනෙක්.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද මෙම නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් හමුවේ පෙබරවාරි 02 වනදා කැඳ වූ අතර, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විත්තිකරුවන් පෙබරවාරි 09 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

වෙරළ ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් 2025 වසරේ නොවැම්බර් මාසයේ දී වෙරළ තීරයේ ව්‍යුහයක් ඉදිකර පිළිමයක් තැබීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

සැකකරුවන් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම හා රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කර තිබුණා.

ත්‍රිකුණාමලය – කොටුව විහාරයේ විහාරාධිපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, සම්බුද්ධ ජයන්ති විහා­රා­ධි­පති මිහි­ඳු­පුරේ කල්‍යාණ­වංශ තිස්ස හිමි, පූජ්‍ය සුකිත්ත වංශ හිමි, සිරිමාපුර විහාරයේ පූජ්‍ය නන්ද හිමි මෙන් ම කොටුව විහාරයේ විධායක කමිටු සාමාජිකයින් වන දීපානි ලියනගේ, විදුරංග ලොකු ගලප්පත්ති, එල්.ටී. පෙරේරා, පියලාල් ප්‍රේමසිරි සහ තේකුම් දුලාර යන පිරිස විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

ඊට අමතරව, සුතිප්ප ලියනගේ සහ සුගත් ප්‍රසන්න යන අය ද විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ඉකුත් 14 වන දා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයෙක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නීතිඥවරයෙක් අධිකරණයේ පෙනී සිටියා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද මහේස්ත්‍රාත්වරයා එදින දැනුම් දුන්නේ, වෙරළාරක්ෂක ආඥා පනත යටතේ ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති අතර, ඇප ලබාදීමට බලය ඇත්තේ මහාධිකරණයට පමණක් බවයි.

  1. සාදු සාදු සාදු දෙයියො අපෙ මුහුණ බැලූවා ඇඩූගානෙ මොහිදීන් බෙග් මාස්ටර්ගෙ බ්‍යද්ධ සිංදු ටික හරි ඉන්න ටිකෙ අහන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41