මාර්තු 31 සිට වත්කම්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම නව ක්‍රමයකට

2026 වර්ෂයේ මාර්තු 31 දින සිට වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිදුකිරීම සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය විවෘත වන
බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ අනුව, ඉදිරියට මුද්‍රිත ආකෘතිය භාවිතයෙන් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

මෙහි දී විශේෂයෙන් මාර්ගගතව තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිදුකිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (ciaboc.gov.lk) තුළින් පමණක් අදාළ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය වෙත ප්‍රවේශ වීම සිදුකළ යුතු වනවා.

වෙනත් කිසිදු ක්‍රමයකට හෝ දිගුවක් භාවිතයෙන් අදාළ ප්‍රකාශ කළ යුතු තැනැත්තන් විසින් තම තොරතුරු ඇතුළත් නොකළ යුතු බවයි ඒ අනුව දැනුම් දෙන්නේ.

2023 අංක 9 දරණ දූෂණ විරෝධි පනතේ 80 (1) වගන්තිය යටතේ අදාළ වන සියලුම තැනැත්තන් විසින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, පනතේ 82 (1) වගන්තිය ප්‍රකාරව, පළමු පත්වීම් ප්‍රකාශය, වාර්ෂික ප්‍රකාශය, ධූර කාලය අවසානයේ දී හෝ විශ්‍රාම යාමේ දී සිදු කරනු ලබන ප්‍රකාශය, පශ්චාත් විශ්‍රාම ප්‍රකාශය, තත්කාර්ය ප්‍රකාශය සහ මැතිවරණ ප්‍රකාශය ද මෙම මාර්ගගතපද්ධතිය මඟින් සිදුකළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18