නුගේගොඩ දී නිතීඥවරුන් දෙදෙනෙකුට තග දැමූ සිද්ධියට කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

නිතීඥවරුන් දෙදෙනෙකුට සාපරාධී බියගැන්වීම් සිදුකර ඔහුගේ මෝටර් රථයට පහර දී අනර්ථය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 30 වනදා නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා පෙනී සිටි නීතිඥවරුන් දෙදෙනෙකු නඩු විභාගයෙන් අනතුරුව මෝටර් රථයකින් පිටව යන අවස්ථාවේ නුගේගොඩ, ගම්සභා හන්දිය ආසන්නයේ දී පිරිසක් විසින් මාර්ගය අවහිර කර රථය වට කරමින් මරණ තර්ජන කර වාහනයට පහරදී අනර්ථයක් සිදු කරන ලද බවට මිරිහාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී හක්මන පොලිස් වසමේ පුහුවැල්ල ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (02) මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් අවුරුදු 31 හා 55 වයස්වල පසුවන පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකාරියන් අද (03) දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36