රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්යාංශයේ පුත්තලම ඒකකයේ ස්ථානාධිපතිවරයා මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කල්පිටිය – මාම්පූරියේ පදිංචිව සිටි පොලිස් පරීක්ෂකවරයෙකි.
පසුගිය 19 වනදා පුත්තලම-අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්රදේශයේදී පොලිස් පරීක්ෂකවරයා පැදවූ යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.
එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටි පොලිස් පරීක්ෂකවරයා ඊයේ (21) පස්වරුවේ මෙලෙස මියගොස් තිබේ.
පුත්තලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.




