Indian Premier League

පොලිස් ගිනි අවියෙන් වෙඩි වැදී ලොරි රියදුරෙක් ජීවිතක්ෂයට

පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් තුවාල ලැබූ ලොරි රියදුරෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද පස්වරුවේ මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදීයි.

පොලිස් අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් හඹා ගිය නාරම්මල පොලිසියේ නිලධාරීන් එහි රියදුරා අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි වැදීම සිදුව තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
0
+1
6
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?