පොලිස් කොස්තාපල්වරියගේ ලස්සන බලන්න ගිය පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ චෝදනාව යටතේ කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාර්තු මස 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

සැකකාර හිටපු ස්ථානාධිපතිවරයාව ඊයේ(06) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

2024 ජනවාරි 29වැනිදා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට මෙලෙස කාන්තා නිලධාරිනියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධව කරුණු වාර්තා කර තිබුණා.

2024.02.15 දින අදාළ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කළා.

මෙම හිටපු ස්ථානාධිපතිවරයා විසින් අදාළ නිලධාරිනියට පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට කරන ලද බලපෑමක් පිළිබඳව වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකට අදාළව ඊයේ(06) එම නඩුව අධිකරණයේ කැදවූ අවස්ථාවේ දී හිටපු ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරු 2024.03.12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
9
+1
2
+1
2
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?