පොලිස් කොස්තාපල්ට අයිස් දුන් සැකකරු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු තම පවුලේ සාමාජිකයන් සමග තායිලන්තයේ සංචාරයක නිරත වී ඊයේ සවස යළිත් මෙරටට පැමිණෙමින් සිටියදීයි මෙලෙස අත් අඩංගුවට පත්වී ඇත්තේ. ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා තම පවුලේ සාමාජිකයන් සමග තායිලන්තයේ සංචාරය නිමා කර ඊයේ පස්වරු 04.20ට බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?