පොලිස් අත්අඩංගුවේ දී පුද්ගල මරණ 49ක් වාර්තා වෙලා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

2020 වසරේ සිට 2025 දක්වා කාලය තුළ මෙරට පොලිස් අත්අඩංගුවේ සිටිය දී පුද්ගල මරණ 49ක් වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවක හා පොලිසිය සමග ඇති වන ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශයන් පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී.බී. දෙහිදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන්, අද (19) මානව හිමිකම් කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවැත්වූ අවස්ථාවේ දීයි මේ බව අනාවරණය වූයේ.

පොලිස් අත්අඩංගුවේ දී සිදු වූ මරණ 49ක් මෙන් ම ගැටුම්වල දී සිදු වූ මරණ 30ක් ලෙස මුළු මිනිස් ජීවිත 79ක් අහිමි වී තිබෙන බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය දෙස නිරීක්ෂණය කරමින් ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරගැනීම සහ අපරාධ මර්දනය කිරීමේ පූර්ණ බලයක් ශ්‍රී ලංකා පොලිසිය ද සතුවන බැවින් පොලිසිය සහ මහජනතාව අතර බරපතළ ගණයේ ප්‍රශ්න ඇතිවීම වළක්වාලීමට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගත් බව පුංචිහේවා මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන ආචාර්‍යය ගෙහාන් ගුණතිලක මහතා පැවසුවේ, රටේ ජනතාවට යම් කිසි ගැටලුවක් පැන නැගුණු විටක දී එම පැමිණිල්ල භාර දීමට යා යුතු ස්ථාන සහ ආයතන පිළිබඳ ව මනා දැනුමක් තිබිය යුතු බවත් ඒ සඳහා ඔවුන්ව දැනුම්වත් කිරීමට අවශ්‍ය කටයුතු ද සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් රංජිත් උයන්ගොඩ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?