පොලිස් අත්අඩංගුවේ දී පුද්ගල මරණ 49ක් වාර්තා වෙලා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

2020 වසරේ සිට 2025 දක්වා කාලය තුළ මෙරට පොලිස් අත්අඩංගුවේ සිටිය දී පුද්ගල මරණ 49ක් වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවක හා පොලිසිය සමග ඇති වන ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශයන් පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී.බී. දෙහිදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන්, අද (19) මානව හිමිකම් කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවැත්වූ අවස්ථාවේ දීයි මේ බව අනාවරණය වූයේ.

පොලිස් අත්අඩංගුවේ දී සිදු වූ මරණ 49ක් මෙන් ම ගැටුම්වල දී සිදු වූ මරණ 30ක් ලෙස මුළු මිනිස් ජීවිත 79ක් අහිමි වී තිබෙන බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය දෙස නිරීක්ෂණය කරමින් ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරගැනීම සහ අපරාධ මර්දනය කිරීමේ පූර්ණ බලයක් ශ්‍රී ලංකා පොලිසිය ද සතුවන බැවින් පොලිසිය සහ මහජනතාව අතර බරපතළ ගණයේ ප්‍රශ්න ඇතිවීම වළක්වාලීමට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගත් බව පුංචිහේවා මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන ආචාර්‍යය ගෙහාන් ගුණතිලක මහතා පැවසුවේ, රටේ ජනතාවට යම් කිසි ගැටලුවක් පැන නැගුණු විටක දී එම පැමිණිල්ල භාර දීමට යා යුතු ස්ථාන සහ ආයතන පිළිබඳ ව මනා දැනුමක් තිබිය යුතු බවත් ඒ සඳහා ඔවුන්ව දැනුම්වත් කිරීමට අවශ්‍ය කටයුතු ද සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් රංජිත් උයන්ගොඩ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51