පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විවිධ විමර්ශනවලට පිටතට රැගෙන යන අවස්තාවලදී වෙඩි තබා මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (24) පොලිස්පතිවරයාට නියෝග කළා.

එස්. තුරෙයි රාජා, ඒ. එච්.එම්.ඩී නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

2008 වසරේ කොම්පඤ්ඤවීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී පළා යාමට තැත් කළේ යැයි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි සිදුවීම් අනාගතයේ දී ඇති වීම වැළැක්වීම සඳහා මාර්ගඋපදේශ මාලාවක් සකස් කර අද(24) දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙස පෙබරවාරි මස 05 වනදා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

එහෙත් අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර පොලිස්පතිවරයා විසින් අදාල මාර්ගෝපදේශ මාලාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ

මේ සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුරෙයිරාජා මහතා “පොලිස් දෙපාර්තමේන්තුව වසර දෙසීයකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙනවා. කෘෘර වධ හිංසා සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය කාලයේ තීන්දු රැසක් ප්‍රකාශයට පත් කළා. එහෙත් ඒවා ආදර්ශයට ගෙන කෘර වද හිංසා වැලැක්වීමට නිසි වැඩසටහනක් ක්‍රියාත්මක කර නැහැ. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දිය යුතුයි. මුදල් ප්‍රතිපාදන වෙන් කොට විශේෂ පුහුණුවක් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු යුතුයි. පොලිස් දෙපාර්තමේන්තුව තුළ වෙනම නීති කොට්ඨාශයක් තිබෙනවා. එහි නීති නිලධාරීන් ද රැසක් සිටිනවා. එසේ තිබියදී මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට නොහැකි වීම කනගාටුදායක තත්වයක්”

යනුවෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

ඉන් අනතුරුවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?