AFC Banner
Empty Ad
Empty Ad

අත්බෝම්බයක් සහිත බෑගයක් ගසක එල්ලූ පවිත්‍රතා සේවකයෙක් අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක් පොලිතින් බෑගයක දමා බෞද්ධාලෝක මාවතේ බස්රථ නැවතුම් පොළක් අසල ගසක එල්ලූ බව කියන පවිත්‍රතා සේවකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ බෑගයක දැමූ බෝම්බයක් ගසක එල්ලා ඇති බව සැකකාර පවිත්‍රතා සේවකයා පොලිසිය වෙත තොරතුරු ලබාදීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලින් පසු එම ක්‍රියාව ඔහු විසින් සිදුකළ බවට අනාවරණය වීමෙන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වාර්තා වී ඇත්තේ මොරන්තුඩුව මහා ගෝනදූව ප්‍රදේශයේ සිට රැකියාව සඳහා පැමිණෙන අවස්ථාවේදී මාර්ගය අසල තිබී යකඩ බෝලයක් වැනි දෙයක් දුටු බවත් එය යකඩවලට විකිණීම සඳහා ගෙන ඒමෙන් පසුව එය දුටු තවත් පවිත්‍රතා සේවකයෙකු බෝම්බයක් බව තමන්ට පැවසීමෙන් අනතුරුව ගසෙහි එල්ලු බවත් ය.

65 හැවිරිදි සැකකරුගෙන් තව දුරටත් දීර්ඝ ප්‍රශ්න කරන බවත් ඔහුගෙන් සෑහීමට පත්විය හැකි ආකාරයේ ප්‍රකාශයක් අනාවරණය නොවුණොත් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?