පොල්තෙල් බව පවසා විෂ තෙල් වර්ගයක් ආනයනයකර ඇති බවට හෙළිදරව්වක්

සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා අද (05) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ පොල්තෙල් බව පවසමින් විෂ තෙල් වර්ගයක් ආනයනය කර විකිණීමට කටයුතු කර ඇති බවයි.

මේ වන විට කිලෝ ග්‍රෑම් මිලියන 80000කට වඩා වැඩි කෘත්‍රිම තෙල් ප්‍රමාණයක් පොල්තෙල් යැයි පවසමින් ආනයනය කර තිබෙනවා.

මෙම තෙල් ආනයනය කිරීමට ආනයනකරුවන් විසින් ඩොලර් මිලියන 110කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම තෙල් මෙරටට ආනයනයකර ස්වභහවික තෙල් යැයි පවසමින් සමාජගත කරන බව හෙතෙම මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

එවැනි තෙල් භාවිතාව නිසා පිළිකා සහ අක්මා රෝග බහුල වශයෙන් වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආනයනය කරන ලද එම තෙල් තොගය මෙරටට ගෙන්වීමේදී පිළිපැදිය යුතු නීතී උල්ලංඝනය කර ඇති බව ඔහු සඳහන් කළා.

එහෙන්ම හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන්නේ එම ආනයනික පොල්තෙල් හි දැඩි ලෙස ඇෆ්ලටොක්සින් ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි බවයි.

බුද්ධික ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේ; මෙවැනි නීති විරෝධී දෑ සඳහා මෙරට බලධාරීන් ක්‍රියාත්මක නොවුනේ ඇයිද යන්නයි.

මේ පිළිබඳව වත්මන් රජයේ අවධානය යොමු කර නිසි නීති රීති ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය හමුට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
7
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?