පොල්තෙල් බව පවසා විෂ තෙල් වර්ගයක් ආනයනයකර ඇති බවට හෙළිදරව්වක්

සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා අද (05) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ පොල්තෙල් බව පවසමින් විෂ තෙල් වර්ගයක් ආනයනය කර විකිණීමට කටයුතු කර ඇති බවයි.

මේ වන විට කිලෝ ග්‍රෑම් මිලියන 80000කට වඩා වැඩි කෘත්‍රිම තෙල් ප්‍රමාණයක් පොල්තෙල් යැයි පවසමින් ආනයනය කර තිබෙනවා.

මෙම තෙල් ආනයනය කිරීමට ආනයනකරුවන් විසින් ඩොලර් මිලියන 110කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම තෙල් මෙරටට ආනයනයකර ස්වභහවික තෙල් යැයි පවසමින් සමාජගත කරන බව හෙතෙම මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

එවැනි තෙල් භාවිතාව නිසා පිළිකා සහ අක්මා රෝග බහුල වශයෙන් වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආනයනය කරන ලද එම තෙල් තොගය මෙරටට ගෙන්වීමේදී පිළිපැදිය යුතු නීතී උල්ලංඝනය කර ඇති බව ඔහු සඳහන් කළා.

එහෙන්ම හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන්නේ එම ආනයනික පොල්තෙල් හි දැඩි ලෙස ඇෆ්ලටොක්සින් ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි බවයි.

බුද්ධික ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේ; මෙවැනි නීති විරෝධී දෑ සඳහා මෙරට බලධාරීන් ක්‍රියාත්මක නොවුනේ ඇයිද යන්නයි.

මේ පිළිබඳව වත්මන් රජයේ අවධානය යොමු කර නිසි නීති රීති ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය හමුට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14