පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට

පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලි බල පද්ධතියට අද (24) එක් කර තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ පොල්පිටිය සිට හම්බන්තොට නව විදුලි සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත අමෙරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් වැය කෙරුණු බවයි.

මෙමගින් දකුණු පළාතේ විදුලිබල ජාල පද්ධතිය වඩාත් ශක්තිමත් වන අතර විදුලිබල සැපයුමේ ඇති ගුණාත්මක භාවය වර්ධනය වීම මෙන්ම දකුණු පළාත තුළට සහ ඉන් පිටතට විදුලිබල සම්ප්‍රේෂණය කිරීමේ ධාරිතාවය ද ඉහළ නංවා ගත හැකි බව සඳහන්.

රත්නපුර, සිරිපාගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් හරහා රැහැන් පද්ධතිය ඉදිකිරීම සඳහා පැවති බාධක හේතුවෙන් අදාළ සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ප්‍රමාද වී තිබුණා.

එම ගැටලුව නිරාකරණය කිරීමත් සමඟම එම ඉඩම හරහා නව රැහැන් පද්ධතිය ඉදිකිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කිරීමටයි විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණේ.

මෙම සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමත් සමඟ සමනල වැව ජල විදුලි බලාගාරයෙන් විදුලිය උත්පාදනය අඩු වුව ද දකුණු පළාතට විදුලිය සැපයීම බාධාවක් නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

Hambantota Polpitiya Power Line
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43