පොල්තෙල්වල 75% ක්ම තියෙන්නේ පොල්තෙල් නොවන දේවල් – Dr. පාදෙණිය

භාවිතයට ගන්නා පොල්තෙල්වල 75%ක ප්‍රමාණයක්ම ඇත්තේ පොල්තෙල් නොවන ද්‍රව්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙම කරණය සම්බන්ධයෙන් මීට මාස හයකට පමණ පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු දක්වා ඇති බවයි.

පොල්තෙල් සඳහා පාරිභෝගිකයා පිරිවැයක් දැරුවද ඔවුන්ට එම මිලට පොල්තෙල් නොලැබෙන බවයි පාදෙණිය මහතා සඳහන් කරන්නේ.

පොල්තෙල්වලට පමණක් නොව ආහාර ද්‍රව්‍ය රැසකටම ජනතාවට හිතකර නොවන දේවල් එක්කෙරෙමින් පවතින අතර පසුගිය පවසර 15ක පමණ කාලයක් පුරා සිය සංගමය විසින් මෙම කාරණය සම්බන්ධයෙන් දැනුවත් කරමින් පවතින බවත් පොල්තෙල් සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වයත් සමඟ ආහාරවල ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස යෝජනා හතරක්ද ඉදිරිපත්කරන බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ඒ අනුව වෙළෙඳපොළට නිකුත් කරන ආහාර පිළිබඳ එහි අඩංගු දේ ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වීම,ආහාර සම්බන්ධයෙන් තීරණ ගැනීම ප්‍රමිති ආයතනයට පැවරීම නොව සෞඛ්‍ය අමාත්‍යාංශයට එහි වගකීම සම්පූර්ණයෙන් පැවරෙන ආකාරයට නීති සම්පාදනය කිරීම,පාරිභෝගික හා ආහාර සම්බන්ධයෙන් අධිකරණයක් ස්ථාපිත කිරීම සහ රජයේ නිලධාරීන් සහ සමගම අතර සේවය කරන කාලය තුළත් විශ්‍රාම ගෙන වසර පහක් ගතවෙනතුරුත් සම්බන්ධකම් පැවැත්වීම නීතියෙන් වරදක් කිරීම යන යෝජනායි පාදෙණිය මහතා ඉදිරිපත් කළේ.

විශේෂයෙන් ආහර ද්‍රව්‍ය සම්බන්ධයෙන් අවසන් තීරකයා බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පත්විය යුතු බවද එමෙන්ම රටක් ලෙස වස විස ආහාර ගෙන්වීම සඳහා වසරකට රු බිලියන 250ක් පමණ වැය කරමින් සිටින බවද පාදෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09