පොල්ගෙඩි 15ක් සොරකම් කල සැකකරු දෙදෙනකු අධිකරණය හමුවට

රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කරනු ලැබුවා.

මෙසේ ඇපමත මුදා හරනු ලැබුවේ බූස්ස පදිංචි 20 හැවිරිදි සහ 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

ඉකුත් මැයි 31වනදින බුස්ස ප්‍රදේශයේ ඉඩමකින් රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

(ගාල්ල අධිකරණ – ෆර්හාන් නිසාම්දින්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?