පොල්ගස්ඕවිට රිය අනතුරකින් අයෙක් මරුට – පාසල් සිසුවියක් ඇතුළු හයක් 6ක් රෝහලට (ඡායාරූප)

කහතුඩුව පොල්ගස්ඕවිට හන්දියේ දී පෞද්ගලික බස් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වෑන් රථයේ රියදුරා ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පාසල් සිසුවියක ඇතුළු හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද දහවල් සිදුවූ මෙම අනතුරක් සමඟම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එම ස්ථානයෙන් පලාගොස් කහතුඩුව පොලිසිය වෙත භාරවී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු ඇතුලුව බස් රථයේ ගමන් ගත් පිරිසක්.

මත්තේගොඩ ප්‍රදේශයේ සිට පැමිණ හොරණ කොළඹ 120 මාර්ගයට යොමු කර තිබූ වෑන් රථය කොළඹ දෙසට හැරවීමට සූදානම් වීමේ දී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථය ගැටී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන්.

අනතුරක් සමඟම එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් තුවාල ලබා වෑන් රථය සිර වී සිටි රියදුරා සහ අනෙක් පුද්ගලයා දැඩි වෙහෙසක් දරා පිටතට ගෙන වෑතර රෝහල වෙත යොමු කර තිබුණා.

රියැදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුවයි ජිවිතක්ෂයට පත්වී ඇත්තේ.

කහතුඩුව පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?