පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් අද දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් අද (10) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළා.

මෙම සංචාරය සඳහා ස්ටීවන් ට්විග් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ උපාය මාර්ගික සහ කාර්ය ප්‍රධානී එමිලී ඩේවීස් ද පැමිණෙන බවයි වාර්තා වන්නේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග්ගේ මෙම සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ශ්ව රැසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

ස්ටීවන් ට්විග් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 08 වැනි මහලේකම්වරයා ලෙස 2020 අගෝස්තු 01 දා තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?