AFC Banner
Empty Ad
Empty Ad

පොදු ගොඩනැගිලිවල සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙල ගැන ප්‍රගති සමාලෝචන රැස්වීමක්

රජයේ පොදු ගොඩනැගිලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (06) පැවැත් වුණා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රගති සමාලෝචන හමුවට අමාත්‍යංශ නිල්ධරීන් සහ සවි කිරීම් ක්‍රියාත්මක කරන සමාගමේ නිළධාරීන් එක්ව සිටියා.

මේ වන විට හඳුනාගත් රජයේ ගොඩනැගිලි යටතේ ජාතික පාසල්, විශ්ව විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරු විදුහල්, හමුදා ගොඩනැගලි, පොලිස් ස්ථාන, සියලු ආගම් නියෝජනය කරන අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන සහ වෙනත් රජයේ ගොඩනැගලිවලින් 90% මැනුම් කටයුතු අවසන් කර ඇති බවයි එහිදී අනාවරණය වුණේ.

සියලුම මැනුම් කටයුතු අප්‍රේල් මස 15 වන විට අවසන් වීමට නියමිත බවත් නිලධාරීන් එහිදී පවසා සිටියා.

ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව මඟින් සිදුකරන අතර, ඉදිකිරීම් සමාගම සහ සූර්ය පැනල මිලදී ගැනීම ඔවුන් විසින් ප්‍රසම්පාදනය කරනු ලබනවා.

රජයේ රෝහල් සහ පළාත් පාසැල් මෙම වැඩපිළවෙලට මූලිකව ඇතුළත්ව තිබුනත් මෙවැනි ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා මඟින් සිදුකරන අතර, එමඟින් එම ගොඩනැගිලි ආවරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?