පොදු ගොඩනැගිලිවල සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙල ගැන ප්‍රගති සමාලෝචන රැස්වීමක්

රජයේ පොදු ගොඩනැගිලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (06) පැවැත් වුණා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රගති සමාලෝචන හමුවට අමාත්‍යංශ නිල්ධරීන් සහ සවි කිරීම් ක්‍රියාත්මක කරන සමාගමේ නිළධාරීන් එක්ව සිටියා.

මේ වන විට හඳුනාගත් රජයේ ගොඩනැගිලි යටතේ ජාතික පාසල්, විශ්ව විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරු විදුහල්, හමුදා ගොඩනැගලි, පොලිස් ස්ථාන, සියලු ආගම් නියෝජනය කරන අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන සහ වෙනත් රජයේ ගොඩනැගලිවලින් 90% මැනුම් කටයුතු අවසන් කර ඇති බවයි එහිදී අනාවරණය වුණේ.

සියලුම මැනුම් කටයුතු අප්‍රේල් මස 15 වන විට අවසන් වීමට නියමිත බවත් නිලධාරීන් එහිදී පවසා සිටියා.

ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව මඟින් සිදුකරන අතර, ඉදිකිරීම් සමාගම සහ සූර්ය පැනල මිලදී ගැනීම ඔවුන් විසින් ප්‍රසම්පාදනය කරනු ලබනවා.

රජයේ රෝහල් සහ පළාත් පාසැල් මෙම වැඩපිළවෙලට මූලිකව ඇතුළත්ව තිබුනත් මෙවැනි ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා මඟින් සිදුකරන අතර, එමඟින් එම ගොඩනැගිලි ආවරණය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30