22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදීමට සමත් වූ නෙත්මි අහිංසා ක්‍රීඩිකාවට ඊයේ නව නිවසක් හිමි වුණා.
ඒ, මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර විසින්, ඇයට නව නිවසක් තනාදෙන බවට පසුගිය අගෝස්තු 06 වනදා ලබාදුන් පොරොන්දුවකට අනුවයි.
කුරුණෑගල – වෙල්පල්ල ප්‍රදේශයේ ජීවත්වන නෙත්මි අහිංසා හය දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන දියණිය වනවා.
වෙල්පල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන නෙත්මි ශ්‍රී ලංකාවට මෙම විශිෂ්ඨ ජයග්‍රහණය හිමිකර දුන්නේ ආර්ථික අපහසුතා රැසක් මැදවීම ද විශේෂත්වයක්.
එවැනි අපහසුතා රැසක් මැද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී නෙත්මි අහිංසා රටට ගෙන ආ කීර්තිය වෙනුවෙන් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර ඇයට නව නිවසක් තනාදෙන බවට වූ පොරොන්දුවට අනුවයි මෙම නව නිවස ඉදිකිරීම ඇරඹුවේ.
ඒ, අනුව එම නිවසේ ඉදිකිරීමේ කටයුතු අවසන් කරමින්, සුබ මොහොතින් එම නිවස නෙත්මි සහ ඇයගේ මව්පියන් වෙත භාරදීම සිදුකරනු ලැබුවේ ව්‍යාපාරික දිලිත් ජයවීර විසින්.















