AFC Banner
AFC Banner
Empty Ad

පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් 13 වැනිදා රාත්‍රී කොළඹ දී සිදුවී තිබෙනවා.

මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත් වූ බව සඳහන්.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය, සන්ධානගත දේශපාලනයේ දායකත්වයන්, ජනතා සුබසාධන පහසුකම්, ජීවන බර හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම,රාජ්‍ය ආයතනික තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සහ සේවකයන් සමඟ ඇතිවිය යුතු කතිකාවත්, ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ ගැටලු, සේවක අයිතිවාසිකම්, අස්වැසුම හා සමෘද්ධි සහනාධාරය පිළිබඳව ඇති ගැටලු, ඖෂධ ප්‍රශ්නය ඇතුළු සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු, මැතිවරණ ක්‍රමය, සහ තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු විවිධ අණපනත් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාව හා අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි වඩාත් සහන සලසන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා යෝජනා කර ඇති බැවින් ඉදිරි අයවැයේදී ජනතා සුභසාධන හා ජනතා සහන සැලසීම සඳහා වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන්කරන මෙන් මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව කෙමෙන් අඩු කිරීමට නීතියෙන් නියම වී ඇති නිසා සමෘද්ධි සහනාධාරය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුව ඇති බවද පක්ෂ දෙකේ නියෝජිතවරු අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම් චන්ද්‍රසේන, සංජීව එදිරිමාන්න යන අයද, මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස ජයවර්ධන යාපා, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, දේශපාලන මණ්ඩල සභිකයින් වන විජය රත්නායක, මහානාම සමරනායක යන අය මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?