පොදුජන පෙරමුණට නව නිලධාරී මණ්ඩලයක් – බැසිල්ට තනතුරක් නැහැ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

නමුත් බැසිල් රාජපක්ෂ විසින් දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තබා ඇති බවයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණවලට එළඹ තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය තරුණයෙකුට ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ පැවසූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

ඒ, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති එහි විධායක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යළිත් වරක් මහලේකම් ලෙස පත්කර ඇති අතර පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පත් කර ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි යි.

පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමි යළි පත්කිරීමටද පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය දේශපාලන මණ්ඩලයට ද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු ද මෙවර නිර්මාණය වී ඇතැයි සඳහන්.

මෙම තනතුරු සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් පසුව තෝරාගැනීමටයි පක්ෂය අපේක්ෂාවෙන් පසුවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?