AFC Banner
Empty Ad
Empty Ad

පොඩි ලැසීගේ කොන්ත්‍රාතුවකට ඔත්තු බැලූ පොඩි දිමුතු රටට එද්දිම අත්අඩංගුවට

ගාල්ල , රත්ගම පොලිස් වසම තුළ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සහාය වූ බවට චෝදනා ලබා සිටි කළහෙට්ටිආරච්චිගේ දිමුතු සම්පත් නොහොත් ‘පොඩි දිමුතු’ සාජා නුවර සිට මෙරටට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි දිමුතු සම්පත් නමැති අම්බලන්ගොඩ – කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක්.

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පොඩි ලැසී සමග ඇති කරගෙන තිබූ ආරවුලක් මත, 2023.10.09 දින රත්ගම පොලිස් වසමේ සේවයේ නිරත වී සිටි පොලිස් පරීක්ෂක දැඩිමුනි බාලේන්ද්‍රසිංහ වෙඩි තබා මරා දැමීම සඳහා සැකකාර පුද්ගලයා ඔත්තු බලා ඇති බවටයි හෙළි ව ඇත්තේ.

සැකකරු අද අලුයම 03ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ රඳවා තබාගෙන සිටීමෙන් පසුව, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?