පොඩි ලැසීගේ කොන්ත්‍රාතුවකට ඔත්තු බැලූ පොඩි දිමුතු රටට එද්දිම අත්අඩංගුවට

ගාල්ල , රත්ගම පොලිස් වසම තුළ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සහාය වූ බවට චෝදනා ලබා සිටි කළහෙට්ටිආරච්චිගේ දිමුතු සම්පත් නොහොත් ‘පොඩි දිමුතු’ සාජා නුවර සිට මෙරටට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි දිමුතු සම්පත් නමැති අම්බලන්ගොඩ – කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක්.

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පොඩි ලැසී සමග ඇති කරගෙන තිබූ ආරවුලක් මත, 2023.10.09 දින රත්ගම පොලිස් වසමේ සේවයේ නිරත වී සිටි පොලිස් පරීක්ෂක දැඩිමුනි බාලේන්ද්‍රසිංහ වෙඩි තබා මරා දැමීම සඳහා සැකකාර පුද්ගලයා ඔත්තු බලා ඇති බවටයි හෙළි ව ඇත්තේ.

සැකකරු අද අලුයම 03ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ රඳවා තබාගෙන සිටීමෙන් පසුව, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33