AFC Banner
AFC Banner
Empty Ad

පොකුණකට ඇද වැටී කුඩා දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

වාද්දූව, තල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ පොකුණකට ඇද වැටී කුඩා දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (19) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුද්දයි මාස 06ක් වයසැති දරුවෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුව අවස්ථාවේ දී දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති බවට අනාවරණය වූ බවයි වාද්දූව පොලිසිය සඳහන් කළේ.

එළිමහනේ රැඳී සිට ඇති දරුවා දක්නට නොලැබුණු බැවින් ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමේ දී දරුවා ජල පොකුණට වැටී සිටිය දී සොයාගෙන තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ දරුවාට වයස අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනෙක් ද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?