පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 24 දෙනෙකු ජිවිතක්ෂයට

උතුරු පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇතැයි එරට පොලිසිය පවසනවා

මගීන් 60 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අනතුරට ලක්වූ බස් රථය ධාවනයට සුදුසු බවට මෑතකදී ආරක්‍ෂිත පරීක්‍ෂණයක් සිදු කර ඇති අතර අනතුරු රක්‍ෂණයක් ඇති එකක් බව ද සඳහන්.

කොරියන්කා ටුවර්ස් සමාගමට අයත් මෙම බස් රථය ලීමා සිට පිටත් වී ඉක්වදෝරයේ මායිමේ පිහිටි ටුම්බෙස් වෙත යමින් සිටියදී ඔර්ගානොස් නගරය අසල දී මාර්ගයෙන් ඉවතට පෙරලි ගොස් තිබෙනවා.

“යක්ෂයාගේ වංගුව” (“Devil’s Curve”) ලෙස හැඳින්වෙන දුෂ්කර ස්ථානයක අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙහි ගමන් කළ ඇතැම් මගීන් හයිටිවලින් පැමිණි අය බව පොලිසිය පවසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ බොහෝ රියදුරන් අවදානම් මාර්ගවල වාහන ධාවනය කරන අතර නිසි පුහුණුවක් නොමැති වීම හේතුවෙන් පේරු රාජ්‍යයේ මාර්ග අනතුරු බහුලව දක්නට ලැබෙන බවයි.

පේරු හි මාර්ගවල රථවාහන අනතුරු බහුලව සිදු වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

2016 වසරේ පේරු රාජ්‍යයේ දී අනතුරුවලින් පුද්ගලයන් 2,600කට වැඩි පිරිසක් මිය ගිය බව පේරු ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

2018 වසරේ දී, “යක්ෂයාගේ වංගුව” ලෙස හැඳින්වෙන පටු අධිවේගී මාර්ගයේ දී බස් රථයක් කඳු බෑවුමකින් පෙරළීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගියා. පේරු පොලිසිය සහ ගිනි නිවන නිලධාරීන් පැවසුවේ පසුව රජය විසින් බස් රථ ගමනාගමනය සඳහා එම මාර්ගය වසා දැමු බවයි.

2021 වසරේ දී ඇන්ඩීස් කඳුකරයේ අධිවේගී මාර්ගයකින් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගියා.

Peru1
Peru3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?