පෙරපාසල් ගුරුවරුන් සඳහා මාසික ව ලබාදුන් රු. 250 දීමනාව දස ගුණයකින් වැඩිකොට රු.2500 ක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
අද දින (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
වර්තමාන සමාජයේ අප එදිනෙදා මුහුණදෙන සාහසික ක්‍රියා, මත්කුඩු භාවිතය, ගෘහස්ත සාහසිකත්වය, කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදීම්, මව විදේශගතවීම නිසා පවුල තුළ ඇතිවන ගැටලු, වයෝවෘද්ධ දෙමාපියන් මහමඟ දමා යෑම වැනි දෙයෙහි රෝග නිධානය වන්නේ පෙරපාසල් අධ්‍යාපනය බව පෙන්වා දෙන අමාත්‍යවරයා මේ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නට අපට හැකියාව ලැබී ඇති බවත් එහදි පැවසුවා.




