පෙරහැරක් නිසා සිදුවන මාර්ග අවහිරතාවක් ගැන දැනුම් දීමක්

යටියන්තොට කබුළුමුල්ල රජමහා පත්තින දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් අද රාත්‍රී කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසනවා.

පෙරහැර අද රාත්‍රී දේවාලයෙන් ආරම්භ වී වැන්දල විහාරස්ථානය දක්වා කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රී 9 සිට හෙට අලුයම 3 දක්වා කාලය තුළ පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව සහ එදිනෙදා මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන හේතුවෙන් මාර්ග අවහිරතාවක් සිදු විය හැකි බවටයි පොලිසිය දැනුම් දෙන්නේ.

මේ අනුව එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් මැදගොඩ මාර්ගයේ රුවන්වැල්ල සිට කෑගල්ල දක්වා ගමන් කළ හැකියි.

කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන තල්දූව හන්දියෙන් මැදගොඩ මාර්ගයේ රුවන්වැල්ල පනාපිටිය පරුස්සැල්ල හරහා යටියන්තොට හරහා හැටන් දක්වා ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කළා.

මේ අතර ගිරිඋල්ල දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහැර හේතුවෙන් ද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පෙරහැරේ සමාරම්භක උත්සවය හෙට අද පස්වරු 6ට අති උත්කර්ෂවත් ආකාරයෙන් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

විහාරස්ථානයෙන් රාත්‍රී 10ට ආරම්භ වන පෙරහැර ගිරිඋල්ල නාරම්මල ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රී 9 සිට හෙට අලුයම 2 දක්වා ගිරිඋල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මාපාගෙදර හන්දියේ සිට දඹදෙණිය සමුපකාර ඉන්ධන පිරවුම්හල දක්වා මාර්ගය, පෙරහැර නැරඹීමට පැමිණෙන මහ ජනතාවට සහ එදිනෙදා මාර්ගයේ ගමන් ගන්නා වාහන හේතුවෙන් අවහිර වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

Yatiyantota Traffic Case
Dambadeniya Traffic
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?