පෙරහැරක් නිසා සිදුවන මාර්ග අවහිරතාවක් ගැන දැනුම් දීමක්

යටියන්තොට කබුළුමුල්ල රජමහා පත්තින දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් අද රාත්‍රී කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසනවා.

පෙරහැර අද රාත්‍රී දේවාලයෙන් ආරම්භ වී වැන්දල විහාරස්ථානය දක්වා කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රී 9 සිට හෙට අලුයම 3 දක්වා කාලය තුළ පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව සහ එදිනෙදා මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන හේතුවෙන් මාර්ග අවහිරතාවක් සිදු විය හැකි බවටයි පොලිසිය දැනුම් දෙන්නේ.

මේ අනුව එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් මැදගොඩ මාර්ගයේ රුවන්වැල්ල සිට කෑගල්ල දක්වා ගමන් කළ හැකියි.

කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන තල්දූව හන්දියෙන් මැදගොඩ මාර්ගයේ රුවන්වැල්ල පනාපිටිය පරුස්සැල්ල හරහා යටියන්තොට හරහා හැටන් දක්වා ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කළා.

මේ අතර ගිරිඋල්ල දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහැර හේතුවෙන් ද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පෙරහැරේ සමාරම්භක උත්සවය හෙට අද පස්වරු 6ට අති උත්කර්ෂවත් ආකාරයෙන් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

විහාරස්ථානයෙන් රාත්‍රී 10ට ආරම්භ වන පෙරහැර ගිරිඋල්ල නාරම්මල ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රී 9 සිට හෙට අලුයම 2 දක්වා ගිරිඋල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මාපාගෙදර හන්දියේ සිට දඹදෙණිය සමුපකාර ඉන්ධන පිරවුම්හල දක්වා මාර්ගය, පෙරහැර නැරඹීමට පැමිණෙන මහ ජනතාවට සහ එදිනෙදා මාර්ගයේ ගමන් ගන්නා වාහන හේතුවෙන් අවහිර වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

Yatiyantota Traffic Case
Dambadeniya Traffic
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26