පෙම්වතිය ඝාතනය කර පෙම්වතා පළා යයි

පල්ලෙකැලේ නත්තරම්පොත ප්‍රදේශයේ නිවසකදී පෙම්වතියට පහර දී ඝාතනය කර පළාගිය බව කියන පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන 36 හැවිරිදි නමැති අවිවාහක කාන්තාවක්.

ඊයේ (03) රාත්‍රී හෝ අද (04) අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සැක කරනවා.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පල්ලෙකැලේ පොලිසිය විමර්ශන සිදු කරනවා.

මියගිය කාන්තාවගේ නිරුවත් මළ සිරුරේ තැලීම් තුවාල රැසක් දක්නට ඇති පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
6
+1
28
+1
10
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?